5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවෙකුගේ අධ්‍යාපන ගමනේ මුණගැසෙන පළමු සහ තීරණාත්මකම කඩඉමයි. මේ නිසාම බොහෝ මවුපියන් මෙන්ම දරුවන්ද දැඩි පීඩනයකින් යුතුව විභාගයට මුහුණ දෙන අවස්ථා අපට නිතර දැකගත හැකියි. නමුත් නිවැරදි සැලැස්මක් ඇත්නම් දරුවාට කිසිදු ආතතියකින් තොරව ඉහළම ප්‍රතිඵලයක් ලබා ගත හැක. මේ සඳහා අනුගමනය කළ හැකි සරල පියවර 3ක් පහතින් දක්වා ඇත.
- ක්රමානුකූල කාලසටහනක් සකස් කිරීම:
දරුවාට සෙල්ලම් කිරීමට, රූපවාහිනිය බැලීමට සහ විවේක ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන අතරතුර පාඩම් කිරීම සඳහා දිනපතා නිශ්චිත වේලාවක් වෙන් කරන්න. එක දිගට පාඩම් කිරීමට වඩා, විනාඩි 45න් 45ට කුඩා විවේකයක් ලබා දීම දරුවාගේ මතක ශක්තිය වර්ධනයට බෙහෙවින් උපකාරී වේ. - පීඩනයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම:
“විභාගය පාස් වුණේ නැත්නම් අනාගතයක් නැහැ” වැනි වචන දරුවාට පැවසීමෙන් වළකින්න. ඒ වෙනුවට දරුවා කරන කුඩා කැපවීම් පවා අගය කරන්න. මවුපියන්ගේ ආදරය සහ සහයෝගය දරුවාගේ ආත්ම විශ්වාසය ඉහළ නංවයි. - නිවැරදි ප්‍රශ්න පත්‍ර හුරුව ලබා දීම:
හුදෙක් පෙළපොත් පාඩම් කිරීමෙන් පමණක් විභාගය ජයගත නොහැක. කාලය කළමනාකරණය කරගනිමින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට නම්, නවතම විභාග රටාවට සකස් කළ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් දරුවා ලවා නිතර අභ්‍යාස කරවීම අත්‍යවශ්‍ය වේ.
ඔබත් ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කිරීමට නිවැරදිම මඟ පෙන්වීමක් සොයන්නේ නම්, පිටපත් 400,000 කට වඩා අලෙවි වී ඇති, විශිෂ්ටයින් රැසක් බිහිකළ 190+Plus 5 ශ්‍රේණිය PRE-ADVANCED විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය අදම ඔබේ දරුවාටත් ලබා දෙන්න.
