නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමේ
Cash on delivery (COD) පහසුකම ඇත.

190+Plus BEGINNER 2026 [Grade 5]

රු1,000.00

190+Plus® 5 ශ්‍රේණිය “BEGINNER” විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය (2026)

තේමාව : මූලික සිද්ධාන්ත තමයි වැදගත් ම දේ.

190+Plus® 5 ශ්‍රේණිය “BEGINNER” විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය, ආරම්භක කට්ටලය  වූ පමණින් සරල කට්ටලයක් නොවේ. සෑම ප්‍රශ්න පත්‍රයකට ම පොත ප්‍රකාශන සම්පාදක මණ්ඩලය විසින් ඇතුළත් කළ අලුත් ම විභාග මට්ටමේ සංකීර්ණ ප්‍රශ්න ඇතුළත් කර ඇත.

  • තුන සහ හතර ප්‍රශ්න පත්‍ර අභ්‍යාස කළ දරුවන් තීරණාත්මක පහ ශ්‍රේණියේ දී අභ්‍යාස කළ යුතු පළමු කට්ටලය මෙයයි.
  • සංකීර්ණ යැයි සිතෙන ප්‍රශ්න බොහෝ විට පදනම් වන්නේ, මූලික සිද්ධාන්ත එකක්, දෙකක් හෝ කිහිපයක් මත ය.
  • එම මූලික සිද්ධාන්ත නිවැරදි ව පුහුණු කරවීමෙන් තමන් මෙතෙක් අපහසු යැයි සිතා ඇත්තේ සරල ප්‍රශ්නවලට බව තේරුම් ගනියි.
  • තුන සහ හතර විෂය නිර්දේශ සංකීර්ණ අභ්‍යාස ඇසුරෙන් ද පහ ශ්‍රේණිය විෂය නිර්දේශය ඉතාමත් පැහැදිලි සරල අභ්‍යාස ඇසුරෙන් ද ආවරණය කරයි.
  • ඉහළ ලකුණු ලබා ගන්නා දරුවන් ඉතාමත් සරල ප්‍රශ්න වරද්දවා ගැනීමෙන් ලකුණු අහිමි කර ගැනීමේ ප්‍රවණතාවයට සාර්ථක විසඳුමකි.

අන්තර්ගතය: පළමු පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද බැගින් මුළු ප්‍රශ්න පත්‍ර 16ක් අන්තර්ගතයි. නැවත නැවතත් පරීක්ෂා කරන ලද ඉතා නිවැරදි පිළිතුරු පත්‍රයක් අන්තර්ගතයි.
(ලියන විට එහා මෙහා නොපෙනෙන සුදු ඝනකම් කඩදාසියේ ඉහළ ගුණාත්මකතාවයේ තීන්ත යොදාගෙන මුද්‍රණය කර ඇත.)

පාසල්, උපකාරක පන්ති, ගුරු භවතුන් සඳහා සුවිශේෂී වට්ටම්!
සැ.යු: මෙම වට්ටම් හිමි වන්නේ ඉතාමත් සීමිත කාලයකට පමණි.

ජුනි මස ආරම්භයේ දී නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම්!

Out of stock